වීර කමට නොව බඩගිනි හැදුනාම
නෑර ජීවිතේ වර පට ඉඳුරාම
සාර ඉවුරු වල සරුවට වැඩුනාම
කීර නෙලනු දුටුවෙම් නුඹ හැමදාම
අප්පා හැරගියේ ලාබාලම කාලේ
අයියයි ඇයයි තනිවිය අම්මගෙ දෑලේ
නෙලූ කීර විකුණාලයි බත කෑවේ
පුරද්දකට වාගෙයි අකුරට ආවේ
මිලියන ගනන් වලිනුයි හැම තැන වාදේ
එක වේලයි කුසට රස මසවුළු මැද්දේ
පොත් ටික ගන්න පනහක අඩුවකි ඇත්තේ
වැස්සෙම ඇය ගියා නෙලුමට ගඟ පැත්තේ
ඉහළට ඇද හැලුණු මහ වැහි වරුසාවේ
දිය කඳ පෙරලි පෙරලී පහළට ආවේ
දිවි රැකි ගඟම නැත තෙත ගුණයක් පෑවේ
නෙළු පලා ගිලිහී දියඹෙහි පාවේ
ගඟ දිය පතුල යට දියණිය සඟවාන
ගඟ ගලනවා මොකවත් නොම වුණු ගාන
කීර පඳුරු මත සරුවට දලු ලාන
විසුළ කඳුළු බිඳු තිබුනා බබලාන
පොත් ගන්න රුපියල් පනහක් හිඟ වී, කීර නෙලන්නට ගං ඉවුරට ගිය දුප්පත් පාසල් දියනියක, ගඟට බිලි වී මිය ගිය පුවතක් දැක ඇති වූ හැඟුමකි.
Leave a Reply
Your email address will not be published. Required fields are marked (required)