නුඹ නේද | අනුර බුලත්ගමගේ

No Comment 65 Views

නුඹ නේද සොයාගෙන

මා කරා පැමිනියේ

ඇස් වලින් කතා කර

මගේ හිතට ලං වුනේ

 

ගුරු පාරේ යන විටදී

නුඹනේ කෝලන් කලේ

වෙරළු මල් වැටෙන කොට

සිනා කැට වැස්සුවේ

 

ප්‍රේමයේ හෝඩි පොත

නුඹනේ සිත්තම් කලේ

කප්පරක් හීන පොදි

නුඹනේ මට පුද කලේ

 

නුඹ නේද මා වෙතින්

නොකියාම දුර ගියේ

ඒ වුනත් හිත කියයි

තාමටත් නුඹ මගේ

 

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)