සියක් කඩකට බිදුණ සිහිනය
එකත් මිටකට ගුලි කරන්
දුරක් මහගිරි දඹේ යන්නට
නුඹ ඇවිත් මගෙ අත අරන්
මටත් සරණක් සෙවූ දවසක
හමුවෙලා මහ දෙව් බඹුන්
පඩුරකට නුඹ තියා මාළග
දෙවොළ හැරදා පැන ගිහින්
කදුළකට අවසර නොදුන්නත්
සිනා නුපුරුදු නෙත් ඉමේ
කඩා හැලුණා මටත් රහසෙම
හඩන විට නුඹ හාමතේ
වැලට බර නැති උනත් අකලට
පිපුණු මලකිය නුඹ පුතේ
සසර ගමනෙදි දෙන්න එකතුව
කරපු පව් ඇති ජීවිතේ
හෙටත් නුඹ මෙන් දහස් ගනනින්
පිපෙණු ඇති මල් මාවතේ
රුදුරු ගොරහැඩි සපුන් ඇවිදින්
පෙති සිදිණු ඇති හිතුමතේ
දහක් අවමන් මුවින් පිඹිමින්
මකයි කැළළින් පිරුවටේ
බලන් පුත නුඹ මැවූ දෙවියන්
කුමන දෙවොලෙද සැගවුනේ
Leave a Reply
Your email address will not be published. Required fields are marked (required)