මැදුරු බුමුතුරුණු සළු වියන් පිරුණු නුවරක
පාට කළ වීදියකි,
ඒ හරස් පටුමග
එහෙත් එය,
කළකිරුණු මංසලකි
අයිතිකරුවන් අතැර ගිය
සෙවණැලි සැරිසරන මාවතකි
අසළ ගිරිකුළ කණ්ඩියේ
සංසාර දුක හැපෙන විට
ඉවත ලන දෑ පවා
ලැමිනේටින් කර,
මතකයන් කල්තබා ගන්නා රෝගයට
ප්‍රතිකාර ගන්න හැටි
ඈ තාම දන්නෙ නැතුව ඇති
සාරි බෝඩර් රැළි දිගේ
ඈ කැමතිම නිල් කමිසයේ සාක්කුවට
චූටි රේඛා මල් හැලෙන හැටි
ඈට දැං අමතක ඇති
සියක් අතු ඉති පුරා විසිරුණු
කොළ කතා කරපු ගස්වල හැටි
ඉති අගිසි වළට සොඳුරු,නම් ඇති
එක නමට බොහෝ තේරුම් ද ඇති
එහෙත්,
කඳට තාමත් කිසි පොතක අර්ථයක් නැති….
ඒ මාවතේ කොන ගෙවෙන තැන
මුහුණෙන් මුහුණ බලාගත්
ඈත නිල් පාට කඳු වළලු දෙකක් ඇති
භවය ගැන ලියැවෙන
හැම ජාතක කතාවකම,
බොහෝ දෑ ගිලගත්
අවසාන පටුමගේ වංගුවෙන් වෙන්ව යන
පෙම්වතුන් වෙලා ඉමු අපි
-ඩොමිනික් චන්ද්‍රසාලි
Image – country_lane_by_pyromaniac_angel
Leave a Reply
Your email address will not be published. Required fields are marked (required)