‘ගොඩ ගියා’ කියා මං ජීවිතෙන්
නැඟෙන මුත්, හිඟම දේ සැනසුමයි
බාලයන් ටික උඹල අනාථයි
මුත් හිතේ සතුට ඇති සහතිකයි
පිරිපතම ඉගෙනගත් පැටි වියේ
සිප් සතර, සරසවිය දුර ගියා
මට තිබුණු එකම එක සහතිකේ
නොසිතූ දුර මා දිවිය ගෙන ගියා
දෙමවුපිය උරුමයෙන් පිච්චියක්
මටත්, උඹලටත් නෑ – සත්‍යයක්
ජීවිතේ නේරංජනා ගඟ පැන්න වූ
කන්ථක වුණේ මට, ‘සුදු කොලර්’ රස්සාව
මා පලැති රුකක් සේ පෙනෙනු ඇති
නුඹලාට පල නැතැයි කෝප ඇති
නොතැකුවත් රුක, පලය බුදින අය
රුකට හිමිකම් කියන අයත් වෙති
තනිව බුදු වෙන හිතක් නැති නිසා
උඹලගෙත් පාරමී ගැන බලමි
දුෂ්කර ක්‍රියා මිස බුදු බවක්
උඹලාට නැතිකමයි ළතැවිල්ල
Leave a Reply
Your email address will not be published. Required fields are marked (required)