කොළඹගේ මාවත
පාලුව දැනෙන හවසට
ගුලිවෙයි පහන් කණු යට
අතීතය හෙමිහිට තුරුළු කරගෙන
බස් නැවතුමට සෙවන දෙන
මැයි මාර ගස මල් දැරූවද
සඟවා සිටී බර ළතැවුල
අනෙකෙකුට නොදැනෙනා විලසට
පදික මාරුව ලඟ තත්පරව
ඔබ හිදී දිගු දෑස තෙත් කර
සිනා තවරා වියළි ලවනත
මාර ගස සේම දුක සඟවගෙන
නුගේගොඩ යන බස් රිය
අඬ ගසයි පා සෙනෙහස
රැගෙන යන්නට අඳුරට
හුදකලා කම දෙන්න අතටම
නාවල දෙසින් එන සුළඟට
හැකිනම් රැගෙන යන්නට
සුසුමක සැඟව ඇති තේරුම
විහිළුවක් ලෙස නොගෙනම
බසින විට එතැන සිව්මංසල
නොදකිමි කිසිම දින ඔබ රුව
දකිමි මා ලඟ ගැවසුන
ඔබ මාව විඳි ඒ අතීතය .
Leave a Reply
Your email address will not be published. Required fields are marked (required)