අහස පොළොවට ආදරේ බව
පොළොව පිළිගෙන නෑ තවත්
හඩ හඩා ළය ගසාගෙන අත්
අහස හඩනව නෑ නිමක්
වසාගෙන මුව කළු වලාවෙන්
නැතිව අව් රැල්ලට ඉඩක්
මෙතෙක් කල් එක් මගක ආ බව
අමතකයි වාගෙ ඉරක්
මියෙනු මිස අත් නොහැර යන්නට
සිතාගත් සේ එක හිතක්
අහස නුඹ නම් කළේ පොළොවට
මාරාන්තික ප්‍රේමයක්
Leave a Reply
Your email address will not be published. Required fields are marked (required)