හැමදාම සඳ එළිය
මිදුල මත ඉරි ඇඳපු
සෙනෙහෙබර හැන්දෑව
යලිත් පැමිණියේ නෑ
කරාමෙන් ගලා ගිය
ඇල් ජලය කටු අනින
හීල් හිරිගඩුව මිස
උණුසුමක් දැනුනේ නෑ
නිවී ගිය තේ බඳුන
පීරිසිය යට හිඳින
මධු බඳුන තරම්
නුඹ මගේ දුක අසා නැහැ
රූපයක් වී හිඳින
බිත්තියේ සිනාසෙන
සඳේ නුඹ නැති ලොවක
තවත් මට හිඳිනු බෑ
Leave a Reply
Your email address will not be published. Required fields are marked (required)