සීතල අමාවක රැයක
ඕ තොමෝ තොටුපලට පැමිණ
නැඟී පොඩි ඔරුවක තනිවම
හබල් ගසමින් ගියා මුළු රැයම
බලමින් ගමන් මඟ
එළිය දෙන සැර අකුණු පහරට
උදෑසන එන කොටම
දැක ඈත දූපතක සලකුණක්
ගත වාරු නැති වුනත් හිත වාරු කරගෙන
පදවගෙන ගියා ඒ නුහුරු බිම දෙසට
දිව ගියා ඒ දූපතට අතැර
දමා ඔරු කඳ ඉවුර ගඟ අසල
ඉක්බිතිව,
අත්දෙකින් බදාගෙන සිටින ඒ හබල දැක
වාරුගෙන අත්දෙකට පද්දමින්
වීසිකරලා දැම්ම ඈත ගඟ දියඹට
කොහේ හෝ ගසා ගෙන යන්නට
බලාසිටියා හබල පාවෙලා යන අයුරු
නෙත් දෙකට නොපෙනෙනා තුරුවම
Leave a Reply
Your email address will not be published. Required fields are marked (required)