වැහි බිඳට හරි මැලිකමයි
ඔක්තෝබරය නපුරු ඇයි
මහ දියකඳක් ඇවැසිමයි
සැඩව එනුමැන
මතක කන්දකි
ඔබා යට කරනට තමයි
ඉසිඹුවක් නැති සඳ කැලුම මත
මොහොතකට නැහැවෙයි මැවෙයි
අත්තටු මැවෙයි
නෙත් පියා ගන්නට සිතෙයි
සඳට ඈතයි හිතලු බොඳවන
සංසාරෙ තරමට දුරයි
හුරු අමාවක සතපවමි සිත
මන්ද්ර ස්වරයක පටලැවෙයි
උන්හිටිය තැන් නෑ ඉදින්
හද කල්යල් බලා
අවතැන් කෙරෙයි
වළාකුළු කම්මුල් සිනාසී
සුළඟ වෙත පිටුපා ඉඳී
සුළැඟිලි තට්ටුවක පහස ලද විට
දෙනෙත’ඟ දකී යැයි බිය ගනියි….
Leave a Reply
Your email address will not be published. Required fields are marked (required)