පාළුව අහකට විසික් කෙරුවා
නියඟයක වැහිබිඳු සරැලි මැව්වා
කතරක දහය නිවා සිහිල එවමින්
සුමට සිඟිති අතකින් පුදුමයම මැව්වා
නුඹ පස්සෙ මම වෙරළ’ත එළෙව්වා
වැලි අසල කඳුළු රැඳි බෙල්ලො හෙව්වා
ඒ රහස් මුතු කඳුළු කැට ගැන මම කියද්දී
දිලිසි දෑසින් නුඹ ඒව ඇහුවා
දුවේ නුඹ අපගෙ සිනහවට හේතුවය
පැතුම් ඉටුව ලොවක රජකළ තේජසය..
Leave a Reply
Your email address will not be published. Required fields are marked (required)