සරාසඳ වසා ඇති වළාවක කවුළු ඇති
බිමට බර හදවතක රිදුම පිරිමදින්නැති
අඳුරුබර මීදුමක වුණත් උණුහුමක් ඇති
ඔබෙ නමත් පිනිබිඳක කොහේ හරි ලියා ඇති
පිපිරුණත් සුසුමකින් මඳහසක් තවර ගමි
හිම පියල්ලක බිඳුණු ජීවිතේ ඇහිඳ ගමි
නිම්තෙරක ඉවුරක ඇති තරන් ඇවිද යමි
ශිශිර නිද්‍රාවක වැතිර සංසාරෙ ඉසිඹුලමි
ඈත ඇති වස්සාන අහසකින් ඇද හැළෙන
සොමිසඳෙන් ආදරය පෙරා මධු පුරව ගමි
විල් දියේ දියව ගිය ඒ කඳුළ අතට ගෙන
නිමාවක් නැති කවිය ඔබෙ නමට අමුණ ගමි!
Leave a Reply
Your email address will not be published. Required fields are marked (required)