නොඑන බව දැන දැනම
බලා උන් දවස් කොපමණද
ප්‍රේමයක් නොවුණාට
අපේ හිත් යා කළ….
මග තොටක පුලුටු ගඳ
දැනුණ හැම දවසක
නොබැලුවා නොවෙයි මම
සලකුණක් තිබුණාද නොවිසුණුව…
එදා ආ ගිය මගක
නුඹ නතර වූ වංගුවක
තවමත් දකිනවා මම
ඒ සොඳුරු සිනහව…
සමහරක් විට
නුඹ නොකියාම ගිය හෙයින්
වෙන්නැති
තවම මේ ලෙන්ගතුකම
හදවත පුරා ශේෂ ව…….
Leave a Reply
Your email address will not be published. Required fields are marked (required)