සියපත් වියපත්ව දිය මතම දියවෙන
දවසත් ඇවිත් සවසක් ළඟ දණ නවන
උපැසක් වුණත් උපදෙස් දී නෙත පුරන
සසරත් ගසකි වියපත් පත් රැස හලන
තවමත් අතීතය සවිමත් වී නැගෙන
දියබත් සිතුවිලිත් යළි ඔරු ලෙස යනෙන
ඔබවත් සිටී නම් වෙහෙසක් නෑ දැනෙන
මාවත් නොපෙනෙනා තරමට කලුවර පමණ
පපුවත් ලිහී වැල් ඇද මත දුක කහින
දරුවොත් වහී නම් යන්තම් මල් පිපෙන
දැන්වත් ඉතිං යා යුතුමය දුර ගමන
අදවත් වරෙන් කලුවර මා සිත නිවන
Leave a Reply
Your email address will not be published. Required fields are marked (required)