ආදරේ වර්ෂාව!!! චාමනී ප්‍රේමතිලක.

No Comment 303 Views

වහලේ සිදුරු අතරින්
වැහි වැටෙන තැන් වලට
බේසම්, පනිට්ටු තියන්න

පොල් සම්බෝලෙ කොටලා
පොලොස් ඇඹුල ඉදෙන තුරු
ඔලුව අතගගා කණට රහසක් කියන්න

ඉස්තෝප්පුවෙ පඩිය උඩ ඉඳගෙන
වැස්ස බල බල
කවන බත් කටවල් එකක් නෑර කන්න

හීතලත් අරගෙන
වැහි අඳුර ගෙට එනකොට
හිරිගඩු පිපෙන රටාවට
උණුහුම් හාදු අතුරන්න

කන්කරච්චලයක් තරමට
ටකරමට වතුර වැටෙනකොට
කවිකාර ඇස් වහගෙන
වෙනදට වැඩිය හයියෙන්
මගේ නම මුමුණන්න

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)