ඒ පිංතූරයේ
ඉතා නිකෙලෙස් ලෙස
ඔබ හිදිනු දැකුම
මට සිනා ගෙන එයි….නොනැවත
යහපත මිටින් ගත් ලෙද
මහෝෂධ ඇදුම ඇද
ඇතුලු හද නොදකින
දනන් බුහුමන් විද විද
කියන් නුඹ කෙදිනක
නිමකරන්නෙද මෙ රැගුම…..?
දිනක රගහල හැරගිය
පෙර සිටිය උන් ගිය ලෙස
ඔබටත් යන්න වෙන බව
සිහිපත් කල යුතුද මම….
සක්විති රජුන් වුව
නොදරන විට කිරුලු බර
තනිව අසරණ වෙයි
ලෝ දහම විලසට…..
එලෙස තනිවී,මහලුව
අලස ආලින්දයක ඉද
සිහිපත් කරන්නට
කල පින් වේද ඉතිරිව…?
ඒ පිංතූරයෙහි
වැසුනු නිරුවත
අප දකින බව
දන්නවද නුඹ…………………….?
Leave a Reply
Your email address will not be published. Required fields are marked (required)