.
“ඔබ සිතන්නේ මොන බසින් ද?” පැණයක්
ලියකිවිලි වාර්තා
පසු පසින් හඹා විත්
හුස්ම වුව හිර කරන
අඳුරු පෑ දවස්වල
අකුරු එක එක ඇවිත්
දෙනෙත් ළඟ පෙළට සිට
නොබසකින් සිතෙනවා සත්තකයි
ඒනමුදු හැමදාම
හිරු පිපෙන උදාවක
ලා රෝස පෑය ගත්
වළාකුළු අහුරකට
හිත යටින් මිමිණෙමින්
කවි බිඳිති ගෙතෙන්නේ
ලියූවත්, නොලියුවත්
හුරුපුරුදු බසෙන් මයි!
වදන් දහසක් දිගැති
නමක් නැති කතාවක්
ලතවෙවී පටලැවී
හිත පතුලේ කිමිදෙද්දී
අඩ නින්දේ හීනයක
අකුරු වී මැවෙන්නේ
ලියූවත්, නොලියුවත්
හුරුපුරුදු බසෙන් මයි!
Leave a Reply
Your email address will not be published. Required fields are marked (required)