බොහෝ කලාතුරකින් දිනෙක
මා හඬා ඇති බව
ඔබ දකින බව දකිමි….
“ඇයි මෙහෙම” යැයි නොඅසාම
“අපෝ කොණ්ඩේ හැටි” කියා
ඔබ කියන විට දැවෙමි…
වැඩ බොහෝ ඇති නිසාවෙන්
කෙටි පණිවිඩ
ඉතා කෙටි හෝ
ශුන්‍ය වී ඇති බව දකිමි
ඔන්ලයින් ඉඳිනු දැක හඩමි….
අරයා මෙහෙමෙයි
මෙයා මෙහෙමයි
කියා ඔබ කියන විට
ඔබේ ඇස් දිළිසෙනා බව දකිමි
මගේ ඇස් දෙස නොබලනා බව දනිමි….
ඉතින් මම හඬමි…
හැපි හැපී හඬමි…
මුකුත් සිදු නොවුණා සේ
ඔබ ගෙදර එන විට
සිනහා සී මඟ බලමි…
රිදෙන තැන් මමම පිරිමැද ගනිමි..
දැවෙන විටදිද ඉතින්
මම නිවෙමි………………
Leave a Reply
Your email address will not be published. Required fields are marked (required)