යතාර්ථමය මායාව!!! තිලිණ අවිෂ්ක

No Comment 63 Views

කවුළුවෙන් එබෙන
මන්දහාසය
වැළඳගමි,
හාදුවක් සෙමෙන් පා කරමි

කඳුළු බිඳුවක් වෙමි
නුඹ කොපුල් මත
ලැගුම් ගමි
වහා නික්මෙන්නට පතමි

රෝස පෙති මත හිඳ
රෝස කටුවට
පෙම් කරමි
තුඩ සෙමෙන් මොට කරමි

පටලැවී මිහිදුමක
එහෙ මෙහේ දුව පනිමි
සිහිල් උදයක
හිරු කිරණ වී වැටෙමි
කළු වලා එකින් එක මග හරිමි

යතාර්ථමය මායාව
විඳිමි..,
නොනැසෙමි
එහෙයින්ම පවතිමි

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)