විස්වාස කරනු බැරි
සුළඟක් පැමිණ කොඳුරයි
“මල් කිනිති උරුම ගහටයි
උයන්පල්ලෝ උඹට හිමි
වියෝදුක් විරහ කහටයි”
වසන්තය අත් ගසා ඇහැරන
මලක් නිදිගැට යටින් හිනැහෙයි
මුව දොවන්නට දිය සමඟ සරු
පොහොර අහරින් දවස අරඹයි
අරුණ සමඟින් සුවඳ පතුරයි
සුවඳ රුව අඩු නොවන තුරු ඒ
මලේ උරුමය ගහට හිමි වෙයි
දවස නිම වෙයි අඳුර ගොඩ වෙයි
වවුල් සර සර රැහැයි අණ විණ
රැයක උයනක් ලොවෙන් තනි වෙයි
කණට කොඳුරා රහස් කියනා
සිය දහක් මල් මතක ගෙට එයි
අකුරු අමතක කවක් ඇවිදින්
මේ උයන්පලු හිතේ නැවතෙයි
හෙට අවදිවෙන විරිය දෙන්නේ
කැලැල් තැබු ඒ විරහ කහටයි
සුළඟ ඔබ එය නොදැන උන්නත්
අවාරෙත් මේ උයන වට නිති
මල් පිපෙන්නේ ඒකයි…..!!!!!
Leave a Reply
Your email address will not be published. Required fields are marked (required)