(අඳුරැ රැයක සුලඟට
ඉඩදීමි නුඹ පහන් සිලකි සැලෙන නොසැලෙන)
රිදුම් දී සහස් විදුලියෙන්
අහස් කුස පුරාවට
රහස් කොඳුරා
යලිත් ඉකිලන
මහා දුක්බර
අනෝරාවකි
රූර රූරා
හඬා වැලපෙන
හදක පාලුව මකා පිරුවත්
බොහෝ මී මධුවිත්
තෙත සුලඟ හා
දොඩමළුය අද සඳ කඳුළු
රැඳි නෙත්
අකුණු ගුගුරන තිගැස්සිල්ලය
රිදුනු රිදවන හිත්
බිහිසුණුය රැය අපමනය
පෙම ඈත ඉගිලුන මුත්
කළු සලුව රැඳි ඈත අහසේ
බොඳව දිලිහෙන
තරැවකී
තුරැපතින් තුරැපතට වැටෙනා
දියකැටිති ගී
තනුවකී
විසල් විශ්වය අතර මට හිමි
තැනම ඉගැඹුරුම
රහසකී
ලයාදර නුඹෙ දෑලවර රැඳි
සොඳුරුමත පෙම්
කවියකී
Leave a Reply
Your email address will not be published. Required fields are marked (required)