සගය, තෙළ එන ගාඩි යුවතිය
කුසින් දරණා ළපටි දරු ගැබ
උතුම් රජ ලේ වලට නෑ කම
පහත් කුලයට රැගෙන යනු ඇත
කෝප ගැන්වුණ නපුරු පියරජ
දෙසන බසකට එකඟ වනු මිස
වෙනස් විසඳුම් නොමැති බව මට
ඇයට කිසිදා නොවැටහෙනු ඇත
මහද තෙරපෙන නපුරු කම්පණ
සෙමෙන් දියකර හලමි විතකට
සොඳුරු කව් ගී සමග නර්තන
මැදින් වෙසෙනා බවම කිව මැන
සළෙළු රජෙකුට බැඳුන සෙනෙහස
සමඟ ලැතැවෙන තුරුණු පෙම්සිත
වෛර සහගත අපුල පිළිකුල
ඇයට දිවියට සවිය දෙනු ඇත
සගය, ලෙස මේ මිහිරි මධුවිත
හදෙහි හැඟුමන් තනුක නොකළැක
Leave a Reply
Your email address will not be published. Required fields are marked (required)