නිවීම!! සමර විජේසිංහ

No Comment 146 Views

අහස
පැහැදිළිය
වලාකුළු පහව ඇත
වැස්ස නැවතී ඇත
ගිගුරුම් හඬක් නොනගත

සිත නිවී ඇත
නෙත තෙමී නැත
කුටිය දොර වසා නැත 
නුඹට
පියාසර අවසරය ඇත

පියාඹා ගිය පසුව
කුටි දොර අගුළු ලනු ඇත
වෙනකෙකුට එනු නොහැකි ලෙස

සිත නිවී ඇත
නෙත තෙමී නැත
කුටි දොර වසා ඇත 
මල්ද දේදුනුද
පිටත

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)