කොමලිදු දෙතොලෙ ,මල් මකරන්, පිරෙනු පෙනේ
සියුමැලි හදේ, කඳුළක් කැටි ගැසෙනු දැනේ
රන් කෙඳි ලෙසින, සුර දෑඟිළි හිසට ඇනේ
දස්කොන් එපා ! “මයෙ රජු” මට , සතුට ගෙනේ…..
සලෙළුන් සිතුම් නෙක, නෙක ,තාලෙට බැඳුනා
හද ශෝකයෙන්, නිලඹර කල්පෙම ගෙවුනා
” මීදුම් සිහින” එක, එක, කාලෙට මැවුනා
සඳ කත අදත්, හිනැ හී ගෙපැළට එබුනා….
කවි කම් පමණි, තනිකමැ ,මග හරින්නට
තනු කැඩි සිතාරෙට, බැහැ දොස් කියන්නට
කිමැ මේ පමා , තනු එක දෙක තියන්නට
පිල මත වාඩි උනෙ ” පැදුරක් ” වියන්නට…….
කෞෂි දිසානායක .
Leave a Reply
Your email address will not be published. Required fields are marked (required)