පේනු තඹ වයර ඇඳ ඉහ
සිතිවිලි විදිලියකි දුවන
ඉතිහාසෙත් ඉතිහාසෙන්
පැමිණෙන පෙරහැරකි එතැන
කිස්! ගා කළු තාර මතට
වසන්ත කස පහර වැදෙන
දුවවිත් “මහ” ජන පිරිවර
විස්මෙකි එහි සිරි නරඹන
ඇතුල් හදින් නිති ගුවනට
මුදාහැර සියක් පෙරහැර
අනුනගෙ ධජ සේසත් දැක
ඉසි සිත් පිරුවටෙන් වසන
පැලඳ නෙක මුහුණු අවකල
අකල – විකල උසුළු මවන
නටත් මත් සුරා අඩියෙන
දහක් අත් නැගෙයි අහසට
පටස්! ගා වැරෙන් පුපුරන
කීස් ! ගා අහස දුලවන
රූං! බඹර සක් කැරකෙන
දැවෙයි වෙඩි මවන බලතල
දිනත් සති මාස ගෙවෙමින
නැකැත් නම් යමක් රැකගෙන
අරන් නෙක අසිරි සුලකල
ඇවිත් යයි වසත් පෙරහැර
Leave a Reply
Your email address will not be published. Required fields are marked (required)