එක් තතක් අහිමි වූ වීණාව සුසර කොට
වයා අවසානෙයේ මිහිරිතම ගී තනුව
විසිර ගිය මුතු පොටක් වෙහෙස වී එකතු කර
වියා ඔබ උරහිසේ පළඳවා රන් සළුව
විරාමයකට පසුව,
ඔබ අසයි..
“දශක දෙකකට එපිට
ඒ අඳුරු ඉරු දිනෙක
දම් පාට සාරියෙන්, හිසේ මල් ගවසාන
දුඹුරු පැහැ කබායක් ඇඟලාන
මුව මන්දස්මිතය රඳවාන
නුඹ තනිව ගියෙ කොහෙද? ”
Leave a Reply
Your email address will not be published. Required fields are marked (required)