.
ඒ මහරු උදෑසන
තෙල් සායමින් ඇඳ තිබුණි
අහම්බෙන් ගොඩවුණ
සිතුවම් ගැලරියක කෙලවර .
තුනිවී ගිය කළුවර
එම්දැයි නොඑම්දැයි සූදුවක නිරත
හිරු කිරණ
පොඩිවුන පොරෝනාවක සලකුණ .
ඉගිළෙන විට ගල්වූ කවුඩෙක්
නිකරුණේ දිය වෑස්සෙන නළයක්
දුම් විහිදන තේ බඳුනක්
කවුළුවක කෙළවර මුහුණක්.
(ලියා ආවෙමි කුඩා අකුරින්
සැමරුම් පොතෙහි රහසෙම.)
සියල්ල එළෙසමය .
ජීවමානය දුක් සහිතය.
ඔබ මුණගැසේයැයි
පළා ආවෙමි ක්ෂණිකව.
නාන කාමරයේ දොර හැර
ඔබ ඉවත ආ අන්දම
ග්‍රීක දෙවියෙක් මෙනි
රන් පැහැයෙන් දිදුළන .
එදවස පවා දුක් නොවින
භාරකල පසුව ප්‍රේමය
අදද සැනසුමින් පසුවෙමි
භාරගත් බැවින් නොපැකිළ .
වෙහෙස නිමනා සමයක
අහම්බෙන් යළි හමුවුණ
අන්ධකාරයේ ආලෝකයය
ඒ පැරණි සරළ සිතුවම.
Leave a Reply
Your email address will not be published. Required fields are marked (required)