කොලාඡ් චිත්‍රයක් දි
බටහිරේ අහසට
හිරුත් කඳු අතක පැටලි
ඉන්නටම හැදු හැටි
ඔව් ඒක,
දිගු රැයක ඇරඹුමක්…
වෙනදාට කැමත්තෙන්
මල් සිඹින තරු පොකුරු
කඩා නොවැටෙන රැයක්
තරු එකින් එක උනත්
අරන් බිම තියන්නට
කල් වෙලා ඇති රැයක්
ඇගේ වත ඇඳුනු සඳ
බලා හිද වෙහෙසුන
කංස කූරක එතුන
සඳකිඳුරියන් රොත්ත
ඇවිත් ලඟ දැවටෙද්දි
උන් එපා වුණු රැයක්
හීන පුරවපුු හීන
එක්ක රැය මදිවෙතැයි
හිතා මැදියම් රැයේ
තදින් ඇස් පියාගත්
නින්ද අහලට නාව
හීන බොඳවුණු රැයක්
පාන්දර බස් එකත් වංගුවෙන් එබෙනකම්
ඔව් ඒක දිගු රැයක්
මංසලට ඈ ඇවිත්
දෑත් පැටලුණු විටදි
තප්පරෙන් පංගුවක්
වගේමයි ඒ දවස….
Leave a Reply
Your email address will not be published. Required fields are marked (required)