ලියන්නට එපාම යැයි
ඔබ කියූ කවිය
ලිවිය යුතු කාලය
එළැඹ ඇත.
මේ අප ගැනයි කවුරු දනිත්ද
අනුමාන කරනු මිස.
ලැගුම්හලක කිටි කිටියේ සිරව
ප්‍රලය වූ හෝරා කිහිපයක
සිතා සිටි අන්දම වෙනස් විය
ප්‍රේමය ගැන.
දහඩිය කුයිල
පාතරසයේ සුදුලූනු ගන්ධය අතර.
වචන හා ක්‍රියාවන් ද
අණදීම් හා සුරතල් කිරීම්ද
කෙඳිරීම් හා හති හැලීම් ද
පමණක්මද ප්‍රේමය?
බදා සිටිනතර
බෙදා ගැනුම් ගිලිහිණි ද?
දැන් ඉල්ලා සිටීමේ කාලයය.
ගසන්නට පෙර අන්තිම ඇණයද
අතීතය වැතිර හිඳින ගුහාවට
අත් හරින්න මා සුරත
ගලවන්න ප්‍රේමයේ දම්වැල
කීතු කරන්න අයිතියේ කෙවිට.
මේ අවසාන කවියය
නිදහසේ අවකාශයේ
අතුරුදන් වෙන්න පෙර ලියන.
Leave a Reply
Your email address will not be published. Required fields are marked (required)