රන් සිනාවන්ය
මේ ඇහැළ මල් කැරළි,
මා ආත්මය මතට
මී බිඳු වන් පෙති සලන
සොරා ගන්නට ඉඩ දෙමි
පාලුවෙන් පිරි සුළඟට
එක දෙකක් පෙති,
සඟවා කොට්ටය යට
හොරෙන් ගෙන සිඹින්නට
ශොකී රාත්‍රීන් හී
දාහයෙන් පිරි දිනකදී පවා
නොසිඳී කුලින් කුලට පනින
සිහිල් දිය දහරකි නිල අහස
ඇහැළ මල් වටකර ගලන
කොතරම් සැහැල්ලුද මේ පෙති
අහස දිය මත පා වෙන
බරය ජීවිතය මගේ නම්
දිනෙන් දින ගිලී යන
පොලෝ ගැබ අඳුරට
අසනු අහස් ගංගාවනි
එදවස මගේ සෝ සුසුම් ගෙනගිය
අදද ගෙන යන,
රැකගනු මේ අහිංසක මල් පෙති
ලියා යමි මගේ පෙම් ගී
මේ ඇහැළ පෙති මත
තබා යමි මා හදවතද තනියට
මේ ඇහැළ ගස පාමුල.
Leave a Reply
Your email address will not be published. Required fields are marked (required)