අවැසි මහ වැසි ය;
වැහි එනතුරු !
සුළඟේ නුඹට බැරි ද
සිහිලැල්ම පිනිදියරෙන්
සිහින් සිරිකඩ හෝ ඉහින්න
සිලිටි මල් පෙති සුවඳ මුදු ගති
හුස්මෙ තවරා හමන්න!
දාහය යි මේ ගලන්නේ
පොළොව ගිනි ගෙන දැවෙන්නේ..!
‘අප කුඩා උන්’ දූපතේ
‘ආදරේ’ මුල් අකුර හොය හොය
ඉබාගාතේ සැරිසරන්නේ
බැදි දිහාට ම දෝ ඇදෙන්නේ..
කොහිද වැහිලිහිණියන් රෑනේ
අපට වැහි ගේනා
හීන පොඩි පොඩි තැනින් තැන ඇති
වසන්තය ගේනා
ඉතිං සුළඟේ වරෙන්නේ
නළල් තල සිඹ හමන්නේ!
Leave a Reply
Your email address will not be published. Required fields are marked (required)