මාළු ළඳුන් – කෞශල්‍යා ජයලත්

No Comment 24 Views

මාළු ළඳුන්

නෑගම් පැමිණි මෝසම
පිළිකඩ කඳුළු තවරා
දියඹෙහි සැගවුවා
දිය කිඳුරිගේ කිඳුරා

දුක සැප විමස⁣ගෙන
රජවරැ එන්න පෙර ගෙපැලට
කිඳුරාගෙ මාළු පෙට්ටිය ⁣ගෙන
කිඳුරී පීනුවා පාරට

වෙඩි වැදී මිය ඇදුණා
මුඩුක්කුවෙ සඳ කිඳුරා
බඩගිනි නො නිවි පොඩි බඩවල
යසෝදරාවත කොඳුරා

සායම් වෙස් මුහුණ
පැළඳ ගෙන කඳුළු වැසෙනට
පතිවත දමා පාවහනට
ගෝතමී ගෑටුවා පාරට

ගඟ මාළු විකුණන කිඳුරී
ඇඟ මාළු විකුණන සොඳුරී
පිලි ගඳ මාළු වික්කේ
පුංචි පැටවුන් නිසයි ඔක්කේ

ගඳයි කිය කිය අපුලෙන්
මාළු කන උන්ට කලියෙන්
නිවන් දකිනව උන්
වඳිමි උන් පා ⁣දෝත පා මං …

කෞශල්‍යා ජයලත්

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)