ඉතින් කොහොමද මේඛලා
අපි බිඳින්නේ මණිමේඛලා ,,,
හීන් සැරයකි නුඹේ චුම්බන
කෝපි සුවඳක් ඉබේ මුහුවුණ
යශෝරාවෙන් බිඳී අවුදින්
සන්තානගත තාන අවුලන..
කොයි තරම් හීලෑද මේ රැය
කවුලුවෙන් එන
එකදු පවනක
නුරා ඉඟි නැත ගෑවිලා…
පසක් කෙරුවෙමි මෙයයි සත්‍යය
බැලුම’සක්වත්
සෙනේ නොහඟින
තැනක ප්‍රේමය නතර වෙන්නෑ මේඛලා….
පාන්සිළුවකි මගේ සිතිවිලි
යාන්තම් සැලෙනවා යළි යළි
වැටෙනකොට පිනි මතට සඳ එළි
මේන් වැහි
කෝ අකුණු ගෙරවිලි,,,
කප්පරක් මතකයන් අද්දර
තත්පරත් මුනිවත දැරීමය
සත්තකින් මට දරන්නම බැරි
නුඹත් එතකොට ඇස් පිසීමය
යවුල් පහරින් දැදුරු වූවද
සෙනෙහෙ ළඟ හිත නිවී යාමය
මෙවුල්බර ඉකිබිඳුම් කෙළවර
තැවුල් මුසු කටහඬකි ප්‍රේමය….
මල්ෂා J. ලංකානි
ශ්‍රී ජයවර්ධනපුර සරසවිය
Leave a Reply
Your email address will not be published. Required fields are marked (required)