මල් සුවඳ දැනුනම
උමතුව පොරබදා එය
පැහැරගයි සුළඟ එකවර
ඒ සුවඳ වෙත සුළඟ
සෙනෙහෙ පතුරයි උමතුව
මදහසේ රේඛා අැදෙයි
මල් මුවඟ මත
එහෙම වෙහෙසක් ගත්තද
මල් සුවඳ වුනත් සුළඟට
කොයියම්ම හෝ පසු දවසක
බරක් වෙන්නට පුලුවන
පෙත්තෙන් පෙත්ත ගිලිහී මග දිග
හැලෙන විදිහට හිමිහිට
අත හැරෙන විට
යළි භාර ගන්නවාදැයි මල වෙත
තුනී කරගත් මදහසින්
අහන්නට සිතෙනවා සුළඟට
සුළඟට අැවැසි විදිහට
සුවදත් සැනසුනා හරියට
මල වෙත යන්න යලි
සුවඳක තුන් හිතකවත් ඉඩ නැත
ඔබ ගත්ත නම් එය ඔබටය
අනවැසි නම් ඔබට එය
මිහිදන් කරනු හැක ඇවැසි ෙමාෙහාතක
කැමති නම් ඒ ලඟින්
අතුරවා ෙම් පද ෙපළ
‘වෙන් කරවා ඇති සුවඳක්ය
මේ පස් යට’….
තුෂාරිකා ඇන්තනි
Leave a Reply
Your email address will not be published. Required fields are marked (required)