සින්ඩරෙල්ලා නුඹ අද උසක
අනගි සළුපිළි හා යස හැඩක
මා කුඩා වෙමින් යන ලොවක
සමාකළ මැන මුලාවිමි මෝහයක
කුනු තැවරි ගෙමිදුලෙහි
කඩමාලු මූට්ටු නොපෙනුණ
නුඹ පිපුනු වතුසුදු මල
මම එනතුරුම මග බැලුව
එ’පිනි සිහිල අළුයමක
කුළුඳුල් ම’හද පිරිමැදී අපමණව..
‘සඳවතට හිරු මම විමි’
එම අති මහත් භක්තිය
මෝසමකි නුඹ සනහසේ ශක්තිය
ඔව් එයයි සත්තකින් ප්රේමය
නුපුළුල්ය එයිට සැබෑ ලෝකය
ආලයකි එය පෙර සිටම පැවත ආ
නුඹ වගෙම ආටෝපයෙන් තොරව ආ
ගේහිනිය, නුඹ සහ මා ලෙයෙහි දරුවන
දන්දෙනු නොහැක මට
සෙවනැලි හකුළුවා
නොගනු මැන පිළිණ බින්දට ..
වැඩි නොවෙද දඬුවම
ඇහැක් ඇහැකට
නුඹ තරම් කවුරු මා සැනසුව
ඇස වැහුනු කණෙකුට
මැණික පෑගුමත් වරදද
‘හිරු නුඹය අද..
මට ඉන්නෝන ඒ එළියෙම ය…’
ලොවක සහනය සහනයක් නොව
අසහනෙට පත් මොහොතක…
පසුතැවෙමි සොඳුර මොහොතකට
ම’තින් සපත්තුව ගිලිහිණ…..
තුෂාරිකා ඇන්තනි
Leave a Reply
Your email address will not be published. Required fields are marked (required)