මන්දාලෝක දල්වන – චතුරි දමයන්ති

No Comment 16 Views
මන්දාලෝක දල්වන
ඕනෑම පහන් කණුවක
මගේ කණාමැදිරි සිතෙන්
පංගුව බැගින් තිබේ !
දිනපතා එක් රැස් කරන
සාංකාවයි සෝකයයි
කුඩා කල්දේරම් පුරවා
වීදි මුල්ලක හැංගූයෙමි
මා ගොතන සියලු කතාන්දර
ඔබටත්,
ඔබ දකින නිල් අහසටත් අයිතියි
ඊයේ ඔබට හමු වුණු
කුඩා බට්ටිත්තාටත්,
දිලිසෙන සමනැල්ලාටත්,
පෙති කැඩුණු පිච්ච මලටත් අයිතියි…
රිදෙන රිදෙන තරමටයි
කෙනෙකුගේ හදවතක
මොළොක්ම, මොළොක්ම තැන
හොයාගන්න හැකිවෙන්නෙ
ඒ වගේ රිදෙන රිදුම්
රිද්දනවාට වඩා සනසන්නයි
මං ඔබෙනුත්, සුළඟිනුත්
කවියක් ලියල ඉල්ලුවෙ…
In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)