සිහින – තුෂාරිකා ඇන්තනි

No Comment 17 Views
සිහිනවල පෙනී සිනාසුණ
මැදියමද සොරාගත්
නිදිනැති රාත්‍රීන් අපමණ
සදහටම විසිර යනවිටම

සිත්හි  විනිවිඳිය යුතුය 
සිහිනවල පෙනී සිටුමද
නැවතිය යුතුබැව් සදහටම
නෙළුම් පොකුණ පසු කර
පුරහල වටරවුම දකින සඳ
සිත හීනයක තිගැස්සෙයි
මහා දහවළදිද
සිහිනයක මුර්ජා වී ඇත
වැල්ලවත්ත පසුකරන විට දෙහිවල
ඒනම් කිනම් මොහොතක හෝ
සම්මා සතිය පිහිටට
ල’පැත්තේ වම් කෙළවර

මට රිදෙන රිදිල්ල

ඔබට නොමැති යැය් 
මම විශ්වාස කරමිද

‘අපට’ රිදිය යුතු වන මෙ’රිදුම
ඔබට නොදැනුනාම් හිතවත
දිනුම් කණු දුටු
බුහුටි සැනසුමට මත්වනු මැනව
මිහිදන් කලපසුව
තැවෙනා ශුන්ය වූ
මෙ’හද ගැහෙන රාවය .
තුෂාරිකා ඇන්තනි
In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)