සුළඟ වුණත් පාවී එන්නෙ
වරා මල්වල දැවටෙන්න
පෙතිවල මෙලෙක වගේම
මිහිරි සුවඳත් විඳින්න…
කඳු මුදුන් හැමදාම
පෙන්නුවේ තෙද බවක්
ඒත්, හැම කඳු මුදුනකට ම
තිබුණා හදවතක්….
වරා මල් ඒ ගැන
දැන උන්නා හොඳටෝම
ඒත් පෙන්නුවෙ නෑ කිසිදින
කඳු මුදුන ළතෙත් බව…
සැරසුවත් කඳු මුදුන
දැන දැනත් ළතෙත් බව
තෙද බව ම පැතුවෙ ඇයි
වරා මල් හැමදාම…
සුමුදු චතුරාණී
Leave a Reply
Your email address will not be published. Required fields are marked (required)