මොහොමඞ්…….. බුදුරැුස් මාලාව එන්නෙ ඔතෙන්ට මල්ලී තව පටි දෙකක් යන්න ඕනෙ බං’’ ආරියපාල අයියා පහළ සිට බෙරිහන් දුන්නේය.
‘‘බඩු මදි තව ඕන ආරි අයියා’’මොහොමඞ් ප‍්‍රතිඋත්තර බැන්ඳේ පිටුපස පලංචි කොටයේ වාඩිවී. පුවක් කණුවට වැලමිට හිර කරමින්ය.
‘‘ඒයි ඇන්ටොන් ඔතනින් බඩු එන්නේ,…. එනකොටම උඩට එවපං’’ මොහොමඞ් පහළ කොටසේ වැඩ කරන ඇන්ටන්ට එසේ කීවේ කෙළ පහරක් බිමට පතිත කරමිනි. බොරැුල්ල නගරයේ වෙළඳුන්ගේ සංගමය මගින් මෙවර ඉදිකරන මහා තොරණ් රාජයාගේ පුවක් කණු සිටවීම, සැකිල්ල හැදීම, පින්තූර රාමු සවිකිරීම ආදියේ කොන්ත‍්‍රාත්තුව බාරගත්තේ ආරියපාල අයියාය. ආරියපාල අයියාට මොහොමඞ් මුණ ගැසුනේ මීට වසර කීපයකට පෙර නිර්මාණය කරන ලද පිටකොටුවේ තොරණ නිසාය. ආරියපාල අයියා එදා තොරණේ උඩ වැඩ කළේය. පහළ සිට අත් උදව් දුන් අය අතර මොහොමඞ් ද සිටියේය. ආරියපාල අයියා එදා පිටකොටුවේ බක්කි සේවකයෙකු ලෙස වැඩ කළ නිසා තොරණට සම්මාදම් විය. මොහොමඞ් ද අහම්බෙන් එතනට වැටුනේ පිටකොටුවේ කුලී වැඩ කරපු නිසාය. ස්වේච්චාවෙන් සේවය කළ මිතුරු කැලේ සිටි ආරියපාල අද මොහොමඞ්ගේ මිතුරෙකු වී ඇත. එසේ මුණ ගැසුණු ආරියපාල අයියා අද තොරණ සවිකිරීමේ කොන්ත‍්‍රාත් බාරගෙන වෙසක් කාලයට පමණක් කොන්ත‍්‍රාත්කරුවෙකු වී ඇති අතර තොරණවල පළපුරුද්දක් ලබා ඇති මොහොමඞ්ව එයට සම්බන්ධ කර ගන්නේ දැඩි කැමැත්තෙනි. අනෙක් කාලවලදී ගොඩනැඟිලිවලට මේසන් බාස් වරුන්ගේ අත් උදව්කරුවෙකු ලෙස සේවය කරන මොහොමඞ් වෙසක් කාලයට අත් උදව් දෙන්නේ තොරණවලටය. තමාද ආරියපාල අයියා දන්නා හඳුනන අය සහභාගි කරවාගෙන තොරණ ඉදිකරන මොහොමඞ්ට අන් අයට වඩා තරමක් වැඩිපුර මුදලක් අතට ලැබෙන්නේ ආරියපාල අයියාගේ මිත‍්‍රත්වය නිසාය.
පුවක් පටි සහ ලණු රෝල් උඩට එන තුරු සැකිල්ල මුදුනේ සිට මොහොමඞ් බොරැුල්ල හංදිය දෙස නෙත් යොමු කළේ ඒ ඉසඹුවෙන් මඳ විවේකයක් ගන්නටය.
උදයේ වැස්සක් වැටී අහස දැන් කිරිපාට වී ඇත. එහෙත් පුවක් කඳන්වල තෙත ගතිය තවම වියළිී ගොස් නැත. හවස් යාමයේ පායා ඇති චණ්ඩ හිරු රශ්මි තවමත් මොහොමඞ්ලාගේ ඇඟට වද දෙන්නෙ දැන් ඇති බිමට බැහැපන් කියන්නාක් මෙනි. රාජකාරිය නිමවී නිවෙස් වලට යන මිනි ස්සු බොරැුල්ල නැවතුම් පොළේ පෝලිම් ගැසී තෙරපෙති. පදික වීදිය පුරා අටවා ඇති වෙළඳ කුටි වලට මිනිසුන් රිංගන්නේ දැන් ය. වාසනාව විකුණන්නන්ගේ මයික‍්‍රපෝන් හඬ මොහොමඞ්ට ඇසෙන්නේ නටන වතුර කේතලයකින් පිටවන කෙඳිරිලි හඬක් සේය.දහවල් කාලයේ පාළුවට ගොස් තිබූ බොරැුල්ලේ සුපර් මාර්කට් බිල්ඩිම තුළට මිනිසුන් එකා දෙන්නා ඇදෙන හැටි මොහොමඞ්ට හොඳින් පෙනෙයි. තොරණේ උඩ සිට ඈතට පෙනෙන කොටුවේ උස් ගොඩනැගිලිි ටික දකින විට මොහොමඞ්ගේ හිතට දැනෙන්නේ අමුතු ගාම්භීරත්වයකි. ඒ ඔහු උස ගොඩනැගිලිවල බොහෝ වේලාවට අත් උදව් කරුවෙකු ලෙස වැඩ කර ඇති නිසාය.
‘‘ඒවා අපි හදපු බිල්ඩින්’’ඔහු වත්තට ගොස් තම හැකියාව කියාපාන්නේ ඒ ලෙසය. බොරැුල්ලේ තොරණ ද මොහොමඞ්ලා ගේ දැතින් ඉදිවෙන බව වත්තේ බොහෝ දෙනෙක් දන්නේ මොහොමඞ් නිසා මය. උඩ වැඩ කරන බොහෝ වේලාවට පහළට කුඩාවට පෙනෙන මිනිසුන් දකින විට මොහොමඞ්ට මතක් වෙන්නේ මහගිරිදඹ ය. ජීවිතයේ එකම එක වතාවක් සිරීපාද වන්දනාවේ ගියේ වත්තේ අල්පෝන්සෝ අයියා නඬේ ගුරා ලෙස සංවිධානය කළ වන්දනා ගමන නිසාය.
කාලයක් පෙරුම් පුරාගෙන සිටි මල්කාන්ති සමග ආදර බස් තෙපලන්නට හැකි වුනේ ද ඒ නිසාය. මල්කාන්ති ද වත්තේ එකියකි. මල්කාන්ති ගැන ආදර හිතක් පහළ වුව ද, වත්තේදී එය කියා ගන්නට තරම් ශක්තියක් තිබුණේ නැත. කටපුරා සිනාසෙමින්‘‘ආ මොහොමඞ් අයියා කොහොමද ?’’කියා නිතරම අසන මල්කාන්තිගේ සිරියාවට ඔහු වශීිවී සිටියේය.
මල්කාන්ති මහගිරිදඹේ පඩි පෙළක පැටලී පය ලිස්සූ මොහොතේ ඇය වෙත පැන අතින් අල්ලා එය වැළැක්වූයේ මොහොමඞ්ය. රළුවූ අත්වලට ඇයගේ සිනිඳු කෝමල, සීතල අත්ල ගැටෙන විට ‘‘මම ඔයාට ආදෙරෙයි.’’ කියා කියාගන්නට තරම් ධෛ්‍ය_යක් මොහො මඞ්ට උපන්නේය. ‘‘අපේ අම්මල කැමතිවෙන එකක් නැහැ අයියා’’ මල්කාන්ති කීව්වේ දුකෙනි.‘‘අපි ඔක්කොම වත්තෙ උපන් එවුන්… මෙච්චර කල් එකට ජීවත්වුනේ….. ජාති ආගම් භේද බලලද නංගි’’?
මොහොමඞ් කිව්වේ සීතලෙන් වෙව්ලන දැත ඇය වෙත පිරිනමමින් ය.‘‘මම මොහොමඞ් අයියට කැමතියි’’‘‘මොහොමඞ් ඔන්න බඩු ටික එනවෝ, අද ? වෙන්න ඉස්සෙල්ලා ඕක ඉවරයක් කරන්න ඕනෝ’’ ආරියපාල අයියාගේ භේෂාරවයෙන් පිටවූ අඬහැරින් තිගැස්සුණු මොහොමඞ්ගේ අතීතය බිඳී ගියේ ය. තවත් දෙදෙනෙකු සමග ඔහු පලංචියට පැන්නේ බුදුරැුස් මාලා සැකිල්ල අහවරක් කරන්නට ය.බිම් කළුවර වැටෙන්නට දැන් ඇත්තේ සුළු වේලාවකි.
දැඩි අව් රශ්මියෙන් පීඩා විඳි මොහොඞ්ලාගේ ඇඟට සිහිල් සුළඟ පතිත වෙන්නේ දැන්ය. අවරට යන හිරුගේ රැුස්වලින් සෑදී ඇති තොරණේ සැකිල්ලේ සෙවනැල්ල දිගටි වී බොරැුල්ල නගරයේ පතිත වී ඇත. ඒ තැන් තැන්වලින් මොහොමඞ්ලා ඇදවී දික්වී කෙට්ටු වූ යෝධයන් මෙන් පෙනෙයි.‘‘ආරි අයියා වෙලාව කීයද?’’කොල්ලෙක් අසයි.
‘‘ආ දැන් බැහැපල්ලා. හෙට උදේ ඉතුරු ටික බැඳලා පින්තූර හයිකරන්න පුළුවන්, හෙට දවල්ට පිංතූර ටික එයි.’’සියල්ලෝම තම ගතමනාව ගෙන විසිර ගියේ හෙට එන බවට ආරි අයියාට පොරොන්දු වෙමිනි.
සිගරැුට්ටුවක් උරමින් සිට එහි කොටය පැත්තට විසිකළ මොහොමඞ් ආරියපාල අයියාගෙන් ගතමනාව ගත්තේ විහිළුවක්ද කරමිනි. එතනින් ඉදිරියට ඇදී උපවංශ හෝටලයට ගොඩවුුණු මොහොමඞ් මාළුපාන් ගෙඩි දෙකක් ගිල දමා ප්ලේන්ටියක් බී, වේටර්ට කියා තවත් මාළුපාන් ගෙඩි කිහිපයක් සිලි සිලි බෑගයක දාගත්තේ ගෙදර ගෙනියන්නටය.කොහොමද අයියා තොරණේ වැඬේ නැගලා යනවද? වේටර් කොලූවා ඇසුවේ සිනා මුසු මුහුණෙනි.
‘‘ඔව් මල්ලී හෙට ඉවර කරනවා’’මොහොමඞ් උත්තර දෙමින් මාළුපාන් මල්ල අතට ගත්තේය. එතනින් පාර පැන පොලිසිය ඉදිරියෙන් ගොස් එළවළු මාර්කට් එකට රිංගූ ඔහු හාල් කිලෝවක් සමග එළවළු ජාති දෙකක්ද මිලට ගත්තේ අතේ ඉතිරි මුදල් ගණන් කරමිනි.
‘‘මොකද මොහොමඞ් අද ?වෙලා… අපි මේ සුද්ද කරල යන්නයි හැදුවෙ’’ බක්කියේ සුදු අයියා අසන්නේ බඩු කිරන ගමන්ය.
‘‘දන්නැද්ද අයියා වැඬේ ඉවරයක් කරලා දාන්න එපායෑ’’ රුපියල් සියයේ කොල දෙකක් දික්කරමින් මොහොමඞ් කීවේය.
‘‘මේ පාර තොරණ හුඟක් උසයි නේද මල්ලී’’එහා බක්කියේ වයලට් අක්කා අසන්නේ බක්කිය හෝදන ගමන්ය.
‘‘මේ පාර එළකිරි වගේ නියමයි අක්කා…..
අඩි එකසිය පනහක් විතර උසයි’’‘‘ගෞතමදාස මාස්ටර් ද කොහෙද ආර්ට් පාර දාල තියෙන්නෙ’’…. මොහොමඞ් එතැනට පෙනෙන තොරණ් උඩ කොටස පෙන්වමින් කියයි.‘‘මේ පාර උසම එක අපෙන් තමයි’’ මොහොමඞ් නැවත උත්තර බඳියි.
‘‘බුදු හාමුදුරුවෝ ඉඳගෙනද හිටගෙනද බං’’ වයලට් අක්කා කොඳුනාරටිය දිග අරිමින් දිගු හුස්මක් පිට කළාය.
‘‘අර බුදු රැුස් මාලාව අතෙන්ට යන්නේ…. බුදුහා මුදුරුවෝ හිටගෙන’’මොහොමඞ් බඩුමලූ ටික එල්ලාගෙන එළියට බැස්සේ ‘‘හෙට උදෙන්ම එන්න ඕනෙ සුදු අයියා’’ යැයි කියමිනි. එතැනින් ළමා රෝහල ඉදිරිපිට බස් නැවතුම වෙත ගිය මොහොමඞ් එකසිය හැට හතර හිඹුටාන බසයට ගොඩවූයේ සිනහවද කටේ පුරවාගෙන ය.
‘‘මාරයි බස් එකේ අද එච්චර සෙනඟ නැහැ’’ ඔහුට ඉබේටම කියවිණිි. හිස් අසුනක වාඩි වූ ඔහු බඩු මලූදෙක කකුල් දෙකට සිරකර ගත්තේය.
‘‘මොකද මල්ලී අද බඩු අඩු’’ ඔහු කොන්දොස්තර වරයා ගෙන් ඇසුවේ සාමාන්‍යයෙන් මෙවැනි වෙලාවට එසේ නොවන නිසාය.
‘‘කොහෙද අපේම එකෙක් කපාගෙන ගියානෙ,’’
’’ගඳයා’’ කොන්දොස්තර කොල්ලා කීවේ මොහො මඞ් ඒ දේ කළා සේය.
‘‘කොහාටද’’? ඔහුගේ මුහුණෙන් එතරම් පිරියක් නැත.
‘‘කොලොන්නාවේ තෙල් ටැංකිය ළඟට මල්ලී’’ මොහොමඞ් තවත් මුදල් කොළයක් දික් කළේය. බසයෙන් බැසගත් මොහොමඞ් මඩ කඩිති පිරි පාරේ එහාට මෙහාට පනිමින් මීතොටමුල්ල වත්ත දෙසට පියමැන්නේ ඔහුගේ වචන වලින් කියතොත් ඇඟ ටිකක් රත් කර ගැනීමටයි. ඔහු ඒ සඳහා කවදත් ගොඩවන්නේ ලයනල්ගේ පොට් එක වෙතය. නීතිගත හා නොවන ඕනම සුරාවක් ඔහු ළග ඇත්තේ ස්කාගාර සංස්ථාවක් බඳුවය. කිසිවෙකු බිය නැතිව පොට් එකට රිංගන්නේ පොලිසියේ මහත්තුරු එකා දෙන්නාද එතැනට රිංගන හෙයිනි. එතනින් හොර අරක්කු වීදුරුවක් කටේ හලාගත් මොහොමඞ් ලූණු කැටයක් හපමින් ගෙදරට පියමැන්නේ තරමක් වෙරි මතිනි. ලෑලි ගෙවල් පේළිිය දිගේ තම ගෙදරට රිංගූ මොහොමඞ් නන්දනී අක්කේ කියමින් බඩුමලූ ටික බිම තැබීය.
නන්දනී අක්කා ගෙදර හිටියේ නැත. අංශභාග රෝගයෙන් ඔත්පලව ලෑලි ඇඳේ උඩුකුරුව නිසොල්මන්ව සිටින සමරෙ අයියා කඩා වැටුණු පිළිමයක් සේ ඔහු දෙස බලා සිටී. නැවතත් කුඩා උළුවස්සෙන් ඔළුව එළියට දැමූ මොහොමඞ් ගෙදර දෙසට දුව එන දරුවන් දිටීය. එයින් දරුවන් දෙදෙනෙක් නන්දනී අක්කාගේ වන අතර, දියණිය හිමිවන්නේ මොහොමඞ්ගේ ලෙයින් මල්කාන්තිට දාව උපන් දරුවෙක් ලෙසිනි.
‘‘මොහොමඞ් මාම දැන්ද ආවේ’’ පිරිමි දරුවන් දෙදෙනා දියණිය ද සමගින් ගෙට රිංගුවේය.
‘‘මෙන්න උඔලට මාළුපාන් ගෙනාවා,
කාපල්ලා…….. අම්මටත් එකක් තියපං, උඔලගේ තාත්තටත් එකක් ඇති’’වෙරිමත නිසා මොහොමඞ්ගේ මුවින් හරියට වචන පිටවෙන්නේ නැත. මාළුපාන් අතට ගත් තිදෙනා විමසන්නේ තොරණ ගැනය. ‘‘කවුද තාත්තෙ මෙදා පාර ලයිට්’’ දියණිය අසන්නේ මාළුපාන් ගෙඩිය මුවට ඔබමිනි.
‘‘ආරියදාස ලයිට් බං.’’‘‘එහෙනම් මාමෙ නියෙමෙට ඇති’’ මොහොමඞ් හිස වනයි.
‘‘මොකක්ද මාමෙ මෙදා පාර ජාතක කථාව’’ තවත් දරුවකුඅසයි.‘‘මං දන්නෑ මලිංගො’’ මොහොමඞ් ඇස් තරමක් පියවෙයි.
‘‘අයියෝ, තොරණ් මාම කිව්වට වැඩක් නැහැනේ’’පොඩි එවුන් එසේ කී විටම බාගෙට වැසීගිය මොහොමඞ්ගේ ඇස් තරමක් ලොකුවිණි.‘‘චුල්ලන් පද්මෙ ජාතකේද කොහෙද බං ’’
‘‘අනේ තාත්තේ මේ සැරේ අපි ඔක්කොම තොරණ් ටික බලමු’’ දියණියගේ කටට කැඞී ගිය මාළුපාන් ගෙඩියේ සිදුරෙන් අල කෑල්ලක් වැටෙන්නට ආසන්නය
.‘‘අනේ මාමේ ඒ කථාව කියන්නකෝ’’
‘‘මං දන්න පදුමයක් නැහැ බං, ආරි මාමගෙන් අහගෙන ඇවිල්ල කියල දෙන්නම්’’ මොහොමඞ් කීය.
මොහොමඞ් මේ වත්තට ආවේ ඉතා කුඩා කාලයේදීමය. පියෙකු නොමැතිව මව් හව්හරණයේ උස්මහත් වූ මොහොමඞ් පාසල් ගොස් ඇත්තේ හයේ පන්තියට යනතෙක් පමණි. සිංහල භාෂාවෙන් අධ්‍යාපනය ලද මොහොමඞ් ඒ කාලයේ පල්ලි ගොස් යාඥා කළහැටි තවමත් මතකයේ යන්තම්ව පවතී. එදාවේල සොයා ගනිමින් මව සමග ජීවිතය ගැටගසා ගත් මොහොමඞ්ගේ දිවියේ වෙනසක් ඇති වූයේ මල්කාන්ති සමග යුග දිවිය ඇරඹීමෙන් පසුවය. ඊට පසු ඔහු පල්ලි වෙනුවට මල්කාන්ති සමග පන්සල් ගියේය. කාලයක් සතුටින් සිටි ඔවුන්ගේ කැදැල්ලට දියණිය ලැබීමෙන් පසු ඇතිවූ අඟ හිඟ මැද, රණ්ඩු සරුවල් වී ජීවිතය දෙදරා යාමට පටන් ගත්තේය.
මොහොමඞ්ගේ ප‍්‍රථම ආදර ලෝකය එසේ දෙදෙරා ගියේ මොර සූරන වැස්සකට, ගහකට පාත්වුන හෙණයක් මෙනි. තමාට වඩා වැඩි මහළු නන්දනී අක්කාට මොහොමඞ් ලං වූයේ ඉන් පසුවය. අංශභාගෙ රොගය වැළදී මොළය අප‍්‍රානික වූ නන්දනීගේ සැමියා සහ දරුවන් සමග මොහොමඞ්ගේ දියණියද අද වෙසෙන්නේ එකම නිවසේය. නන්දනී අක්කා සමග අහල පහල කවුරුන් හෝ රණ්ඩුවක් ඇතිවුන විට පිටවෙන කුණු කතාවක් මිසක්, මේ සම්බන්ධතාවය ගැන වත්තේ මිනිසුන්ටද ප‍්‍රශ්නයක් වී නැත.‘
‘මාලිංගො පබා යනවෝ’’කුසුමලතා අක්කාගේ පුතාගේ කටහඬ ඇසුනු දරුවෝ ‘‘මාමේ අපි පබා බලල එන්නම්..’’ කියා එළියට බැස දුවන්නට වූහ. මැද පෙරදිග කාලයක් ගතකළ කුසුමලතාගේ විශාල රූපවාහිනි තිරය නැරඹීමට අහල පහල කීප දෙනෙකුද එදෙසට දිව ගියෝය.
‘‘අනේ මල්ලියේ උඹ දැන්ද ආවේ…. මං මේ මනුස්සයගේ බේත් ටික ගන්න ගියා’’ නන්දනී අක්කා ගෙට ගොඩවුනේ හති අරිමිනි.
‘‘නැහැ දැන් ටිකක් වෙලා’’පුටුවට ඇලවී ඔළුව ලෑලි පළුවට හේත්තු කර බාගෙට නිදියමින් මොහොමඞ් පිළිතුරු දෙයි.
‘‘කෝ මල්ලි ළමයි’’‘‘‘උන් ගියා බබෝද මොකක්ද බලන්න… අන්න උඔට මාළුපාන් ගෙඩියක් ඇති.’’‘‘මං ඉඳියාප්පන් ටිකක් ගෙනාව මල්ලියේ සමෙරෙ අයියට කවන්න’’අනෙක් කාමරයට රිංගා ගත් නන්දනී ඇඳුම් මාරු කිරීමට පටන් ගත්තාය. කාමරයක් කිව්වද එකම ගෙයි එය වෙන්කර ඇත්තේ හරහට ලණුවක් ඇදි තිර රෙද්දකිනි. රෙද්ද මෑත්කර එයට රිංගූ මොහොමඞ් ගොස් ඇගේ බඳවටා අත යැවීය.
‘‘පිස්සුද බං මල්ලියේ, දහඩිය ගදේ බැහැ’’එහෙත් මොහොමඞ්ගේ ආලවන්ත ග‍්‍රහණයෙන් ඇයට මිදීමට නොහැකිය.
‘‘දැන් පොඩි එවුන් ටික එයි මල්ලියේ’’නන්දනී අක්කාගේ ස්වරය පහත්ය. මොහොමඞ් ඇය තව තවත් ළං කර ගත්තේය. විනාඩි කිහිපයක් ගෙවී ගියේය. හැට්ටය තදකර පැදුරෙන් නැගිට ගත් ඇය කොන්ඩය උඩට වෙන්නට ගෙඩියක් ලෙස බැඳ ගනිමින් දොර පළුව විවර කර ඇවිත් සමරෙ අයියා දෙස බලා සිටියේ දුකින් පිරි හදවතෙනි. ඔහු නිසොල්මන්ව තම අප‍්‍රානික සිරුර හා මනස සමගින් මළකඩ බැඳුණු තහඩු වහළය දෙස බලා සිටියේ දුකද කඳුලද නොහඳුනන නිසාය.
‘‘අනේ මල්ලියේ සමරෙ අයියව හෝදන්න ඕනෙ’’ නන්දනී අක්කාගේ අත්වාරුව ඇතිව සමරෙ අයියා දෝතට ගත් මොහොමඞ් සමරෙ අයියා මිදුලට ගෙන නන්දනී අක්කා ගෙනත් දුන් වතුර බාල්දියෙන් ඔහු නාවන්නට වූයේය. සමරෙ අයියාට සරමක් අන්දවා කබල් ලෑලි ඇඳ උඩ තැබූ මොහොමඞ් ඔහුගේ දැතින්ම සමරෙ අයියාට කඩයාප්පන් කැව්වේය.ඊළඟ දිනයේ හිරිමා උදයේ මොහොමඞ් තොරණ ලඟට යන විට කට්ටිය ලක ලෑස්ති වී සිටියේ පින්තූර රාමු සවි කරන්නටය.
‘‘චුල්ල පදුම ජාතක කථා වස්තුව’’ විශාල රූප රාමුවක රවුම් අකුරෙන් පුන් කලස දෙකක් මැදින් ඇඳ ඇති අකුරු පෙළ ඔහු හයියෙන් කියෙව්වේය.‘
‘ආරි අයියා මේ කතාව මොකක්ද බං, ළමයි න්ගෙන් බේරෙන්න බැහැ, කතාව අහනවා’’
‘‘යකෝ උඹ මේ කතාව දන්නෙ නැද්ද, අර බයිල එකකුත් තියෙන්නෙ. අර බිසවට කාන්තාරෙ මැද්දෙ වතුර තිබහ හැදිල රජතුමාගේ ඇෙඟ් ලේ බොන්න දුන්නෙ බං’’ ආරි අයිය කතාව කෙටියෙන් කියවයි.‘‘අන්තිමේදී බිසව කොටාට ආස හිතිල ඌත් එක්ක පැනල යනව’’
‘‘බිසව මාර මෝඩියෙක්නෙ ආරි අයියා, කකුල් තියෙන එවුන් දාලා කකුල් නැති එවුන් එක්ක පැනල යනවා’’මොහොමඞ්ට පුදුමය.‘‘කරුමෙට ඇස් නැහැනෙ බං,’’ ආරියපාල අයියා කියයි. ‘‘උරේ පලල ලේ නුදුන්නට මමත් මල්කාන්තිට කොච්චර ආදරේ කළාද ආරි අයියා’’ මොහො මඞ්ගේ ඇස්වල කඳුළුය.‘‘හැම ගෑනිම එහෙම නෑ බං… අනෙක උඹට දැන් ආදරේ කරන්න එක්කෙනෙක් ඉන්නවනේ’’
‘‘නන්දනී අක්කට ආදරේට වැඩිය මට තියෙන්නෙ අනුකම්පාවක් ආරි අයියා,.. මං නැත්නම් උන් ටික ජීවත් වෙලා ඉවරයි’’
‘‘මං ඒකෙ වරදක් කිව්වෙ නෑ බං,…… අනෙක මේ කතා ගැලපෙන්නෙ රජ කාලේ වගේම මේ කාලේ සල්ලි යහමින් ඇති එවුන්ට, මේවා අපිට ගැලපෙන්නෙ නෑ බං‘‘උඹලට, අපේ ගෑණුන්ට, චින්චමානවිකාවෝ වෙන්න වෙලා තියෙන්නෙ ජීවත් වෙන්න’’ ආරි අයියා කියාගෙන යන්නේ මොහො මඞ්ගේ සිත සනසවන අටියෙනි.මොහොමඞ් ආරි අයියාගෙන් කතාවේ ඉතිරි කොටසද අසා දැනගත්තේ ?ට ගොස් පොඩි එවුන්ට කියාදෙන අදහසිනි.
‘‘දැන් ඉතින් වැඬේට බහිමු. ?ට ලයිට් හයි කරන්න තියෙනවා’’ එදා රාත‍්‍රියේද ලයනල්ගේ පොට් එකෙන් හොර අරක්කු වීදුරුවක් කටට හලා ගත් මොහොමඞ් දරුවන්ට කතාව කියා පාන්නේ වචන පටලවමින් වරද්දමිනි.
‘‘බිසව කැරකුණා රජ්ජුරුවෝ පුෂ්ගාල තල්ලූ කළා’’
‘‘හුඟක් පහළටද තාත්තෙ’’ඒක මං දන්නෑ….. රජ්ජුරුවෝ මැරෙන්නෙ නෑ බං …‘‘යන්තම් ෂේප් වුණාලූ මාර චාන්ස් එක’’
‘‘මාරයිනෙ මාමෙ, පොඩි කන්දක් වෙන්න ඇති’’
‘‘තාත්තේ එහෙම උරේ පලල ලේ දුන්න නම් ලේ ගිහිල්ලම මැරෙනවා’’ පොඩි එකක් කියයි.අපේ තාත්තගෙ ඇෙඟ් ඔච්චර ගලාගෙන යන්න තරම් ලේ නැහැ.
‘‘පිස්සුද’’… මොහොමඞ්ගේ දියණිය කියයි.
‘‘උන් රජ්ජුරුවොනෙ බං, රජවරුන්ගේ බොඩිවල හුගක් ලේ තියෙනවා’’ මොහොමඞ් ඇගේ වැසූ මදුරුවා තලා දමමින් පැවසුවේය.
‘‘අනේ තාත්තේ අපි සමරෙ මාමවත් මේ සැරේ වෙසක් බලන්න එක්කගෙන යමු’’‘‘සමරෙ මාමට දැන් වෙසක් ගැන තේරුමක් නැහැ බං’’
‘‘ලයිට් දිහා බලන් ඉදියිනෙ මාමෙ’’……… අපි අර ගෑස් සිලින්ඩර් දාගෙන යන බොරේෂර් රෝද කරත්තෙ දාගෙන තල්ලූ කරන් යමු’’
‘‘හොදයි බලමුකෝ’’ මොහොමඞ් ඇස් කසමින් කීවේය.
වෙසක් දින රාත‍්‍රියේ විසිතුරු බලන්නට පොඩි එවුන්ට ඉවසුමක් නැත. සමරෙ අයියා බොරේෂර් රෝද කරත්තේ උස්සා තබාගත් මොහොමඞ් දරුවන්ද, නන්දනීද සමග බොරැුල්ල පැත්තට ඇදී ගියේ අවට දන්සැල්ද වඳිමින්ය. බොහෝ වේලාවට කරත්තය තල්ලූ කළේ මොහො මඞ්ය. බොරැුල්ල තොරණ දුටුවිට ඔහුගේ හිතට දැනුනේ විශාල සතුටක් මෙන්ම ආඩම්බර කමකි. මධුර හඬින් දුක් ගීයක් ගයන ගායිකාවකගේ ගීතයක් කතාව අතර මැදින් ගලා යයි. නන්දනී අක්කා එය අසාගෙන සිටින්නේ බොහෝ දොම්නසෙනි. දරුවෝ විදුලි බුබුළු දෙස බලා එහි විහිදෙන ආලෝකයෙන් ප‍්‍රීතියෙන් කුල්මත් වී සිටියි. සමරෙගෙ ඇස් දෙක පියවී ඇත. ඔහුගේ නෙත් විවර වුනද පෙනෙන්නේ සඳ පායා ඇති අහසය. කරත්තයේ පැත්තට ඇලවී නිදි සුව විඳී ඔහුගෙන් සිහින් ගෙරවිලි හඬක් පිටවෙයි. තොරණේ කතා නාදයෙන් එය යටපත් වී ඇත. සමරෙ අයියා අසලින්ම වාඩිවූ මොහොමඞ් ඔහුටම මුවා වී සිගරට්ටුවක් දල්වාගත්තේ නිදිමත වලක්වා ගන්නටය.
2009 වසරෙ ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙලේ අවසන් වටයට තේරුණු ලක්ෂ්මන් කොඩිතුවක්කු ගේ පරමේශ්වරී සහ වෙනම රටක් කෙටිකතා සංග‍්‍රහයෙනි
Leave a Reply
Your email address will not be published. Required fields are marked (required)