දෙරණක මහා බර
උර පිට දරාගෙන
තව දෙව තවත් දෙව
කියනවා වැනි කුරුකුහුඹු තොප .
බර වැඩිව ගිය තරමට
කුරුව පා බකලව
දුකම හිස පිට ඔටුණුව
කවට සිනහව මිතුරුව .
අගුටු මිටි උරමතින්
පැන නැගුණු සිව්මහල්
බලව සරදම් පානු
දෑත් දිගුකර තොපට .
දෑත් මත හෙලූ මහ බර
තබනු බිම ඇගිලි ගැන ගැන
ඇට්ලස් වුවත් මම
වෙහෙසකර විය මෙතෙක් ආ මග .
බරම පිරිපත කළ ඔබ
දියත වුව උසුලනු ඇත
යෝධයකු වුව මම
කුරුව යයි තොප පාමුල .
Leave a Reply
Your email address will not be published. Required fields are marked (required)