ඇස් තිබෙන බව පසක් වෙන
විෂම මොහොතකි මෙය….
කවියක් කඩා
වචන සෑදිය හැකි මුත්
වචන ආඳා
කවි සදන්නට බැරි බව
මට කියන්නට අවසර…
ගුවන් බසයක
තටු අගිස්සේ එල්ලී
කුරුල්ලන් ගමන් යන සවසක
බොහෝ දුර ගෙවා ආ පියාපත
සංසාර සාගරය මතුයෙහි
අහම්බෙන් ඇද වැටිණි.
වියෝගය යැයි
ඔබ එයට නම් දෙන බව
මට සිතන්නට අවසර…
නිරිත දිග සුළඟින් පණ එන
අකල් වැස්සට හසු වී
බිම වැටෙන සෑම මලකම
මුදු පත්‍ර පිටුපස
ලියා නිම කොට නැති
තිර කතාවක් පවතී..
එහෙත්…
ඉපැරණිම මල් පෙති
කාලයේ පස් යට සඟවා
උදාවෙන මේ දිගු රැය
ඒ තිර කතාවට
දෙබස් දෙන්නේ නැති බව
මට කියන්නට අවසර…
Leave a Reply
Your email address will not be published. Required fields are marked (required)