අරුණැල්ලේ සිනා සලන
මල් කැකුලක් සේ විකසිත
දියණියනේ නුඹේ දිහා
බලා සිටිමි ආදරයෙන්
නුඹේ අම්මා ඈත රටක
රන් කහවනු සොයන ගියා
නුඹේ හිසට මිනි කිරුළක්
රත්තරනින් තනා දෙන්න
අර පෙනෙනා නිල් අහසේ
ඉගිලෙන්නද අප්පච්චි
අහන්නෙපා තවමත් නෑ
නුඹේ අත්තටු සවිමත් වී
කිරිල්ලියක් වී ලස්සන
අම්මත් මාවත් අතහැර
යන්න යාවි ඉගිල්ලිලා
අපේ සිතේ සතුට අරන්
ඒ යන දා මගේ දෑස්
කඳුලින් බොඳවෙලා තියෙයි
ගියත් දුරක ඇවිත් යන්න
අපි බලන්න මගේ දුවේ
අපේ න ණ ල ළ – බර්ට්රම් ජී. ලියනගේ
‘මරාටි’ කියන්නේ මහාරාෂ්ට්රයේ
Read more ...
Leave a Reply
Your email address will not be published. Required fields are marked (required)