ආලෝකයේ හැඩ තල අත් විඳින්නට
දෑතින් බදා එහි අරුමය දකින්නට
සුවඳක් තිබේ දැයි නැහයට දැනෙන්නට
නිතරම ඈ සිතයි ලෝකය දකින්නට
මල් පෙති මතින් ඈ සිය අතැඟිලි අද්දා
සියුමැලි සුව විඳී මල් කොපුලේ වද්දා
විසිතුරු වර්ණ ගැන ඇය නොසොයන සන්දා
තනිවම සිනා සී මල් වල රසවින්දා
නිසලව හිඳ ඇසෙන සියතුන් නගන හඬ
දිනයක ඇරඹුමක් වග ඈ සිතයි හිඳ
දාහය නිවී ගත සිසිලක් දැනෙන සඳ
ඈ දැන ගනී සවසට පිපි කුසුම් සිඹ
සුදු සැරයටිය දිගුකොට පා යුග නගලා
ඈ පියනගයි අඳුරේ එළියක් විමසා
කිසිවෙක් වෙතොත් ඈ ගැන තොරතුරු අසනා
තුතිකොට පිලි වදන් දුනි සිනහව දීලා
Leave a Reply
Your email address will not be published. Required fields are marked (required)