සාරි පොටින් බැඳී ඔලොගුව කරටගෙන
ඇවිදින වයස මදි දරුවෙකු වඩාගෙන
නිල්වන් මොනර පිලකුත් ඇත දරාගෙන
ඈ මා දුටිමි ගමකින් ගමකට ඇදෙන
භාරත රටේ මලයාලම් පුරේ සිට
පරපුර ඇගේ ආවලු නැව් නැග මෙරට
හොඳහැටි බලා හිස මුදුනේ සිට පයට
පේන කියන්නට ඈ හපනෙකි යසට
සිදුවූ දේ මෙන්ම තිබෙනා දේ වෙන්න
දින වකවානු සමගින් ඈ දුටු ලෙසින
පින් ඇති නෝන මහතුන් දෙන පඬුරු ගෙන
අත්ලට එබී කීවා සුබ ලකුණු ගැන
හිරු රැස් අවර දිග අහසේ ගිලින තැන
එක් වූ මුදල් ඈ තනිවම සිහින් ගැන
කිරිබී නිදන දරුවා උර මතට ගෙන
සොයමින් ඈ ගියා ඇගෙ පොඩි නවාතැන
Leave a Reply
Your email address will not be published. Required fields are marked (required)