රතඳර රුවින් සපිරුණ
සේ පෙති පියුම් කොපුලින
දුළ මිනි නයන නළියන
දික්තල මෙන්ය සුරඟන
පෙර කල පවක් ලෙසිනා
බැඳ කරකාර නොමනා
හිමි දැක මසිත බියෙනා
කෙලෙසක ආල වඩනා
මැඩියෙකු විලස මුහුණින
දැලි පැහැ යුතුව සමකින
පෙනුමෙන් විසුළු මිටියෙන
කුරහන් ගලක් විලසින
මහමග යනෙන පිරිමින්
දැක බිය රකුසු මුහුණින්
බැන වැද පරොස් වදනින්
“යව ගෙට “කියා කියමින්
සිත නැත කිසිදු පිරියේ
යහනද අපුල වීයේ
රති සැප අසිරි සිරියෙ
නොලද මාසිත කඳුළු බීයේ
ගඟ බඩ දුටුවා තොටියා
විලසින අනඟ දෙවියා
හැර මේ අඟුටු මිටියා
යමිය ඔහු හා වෙසෙනු රිසියා
Leave a Reply
Your email address will not be published. Required fields are marked (required)