නීල ගගනත සරණ
හුදෙකලා සකුණියට
මියුරු මියැසිය ගැයූ
සොඳුරු වූ සකුණ නුඹ….
ලද සෙනෙන් උදම් වී
නුඹෙන් ලද ජීවිතය
ගව් ගණන් ඉගිල ගොස්
තුඩින් තුඩ එකතු කොට
තැනූවෙමි පෙම් කැදලි….
මහා ඝන වරුසාවෙ
හමා ආ මාරුතය
වාරු දරනට බැරිව
වැටී සුනු විසුණු විය
සෙනෙහසේ කැදැල්ලම….
විසුණු වී බිම පතිත
කැදලි දෙස නොම බලමි
බිජු රැකීමට එමී
පෙර දිනෙක සපථ වූ
නුඹ එතැයි විමසමින
නීල ගගනත සරමි…..
Leave a Reply
Your email address will not be published. Required fields are marked (required)