ඉතාම අප‍්‍රකට ජනශ‍්‍රැතියේ එන ළගන්නා සුළු දුර්ලභ ගණයේ ගැඹුරු අර්ථ උද්දීපනයෙහි සමත් ජනකවි කිහිපයකි.
අඳුරේ කළුවරේ පඳුරට මුවාවෙලා
විදුලිය එළිය දැක ගිණිහුල දියේ හෙලා
අනුන් ලියන් දැක තම ලියට තල තලා
දුවන මුවන් දැක නොමදව නෙලූ පලා
කඩුල්ලේ තරම දැනගෙන කඳ බදිනු
ගොඩැල්ලේ තරම දැනගෙන ලිඳ කපනු
බොරැුල්ලේ තරම දැනගෙන උඩ පනිනු
තමන්ගේ තරම දැනගෙන වැඩ කරනු
කාලා තණකොළ ද ගෙරි පහරනා ගොම
ගාලා ගොවි ගෙදර පිරිසිදු කලා බිම
කාලා රස අහර පහරන මිනිස් ගොම
වේලා ගයෙන් ගෑවොත් කොහොමද? ගෙබිම
(වේලාුගයෙන් ු ලාටු*
දුවන හොරුන් පස්සේ එලවන්ඩ එපා
මරිච්ච මිනිය වත්තේ වලලන්ඩ එපා
ඉරිච්ච රෙද්ද මහලා පොරවන්ඩ එපා
ඇරිච්ච දිගේ ගෙදරට කැදවන්ඩ එපා
හුරු නැති මඟක ගොස් උගුලක වැටෙනු එපා
කළුවර ගලද්දී තනි මඟ ඇදෙනු එපා
සිරිකත මැවූ සිරි දෙනයන මතනු එපා
පියවර සොයා මා තනිකර යන්න එපා
මෙම ජනකවි පද්‍ය පංතිය ලියා එවන ලද්දේ
ඩැංඩිකොන් ධම්ම දීප භාවනා මධ්‍යස්ථනයේ වැඩ වසන නිකවැරටිය බුදුමුත්තාව රාජ මහා විහාරාධිපති ශාස්ත‍්‍රපති පූජ්‍ය දොඩංගොල්ලේ
ධම්මාරාම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසිනි.
Leave a Reply
Your email address will not be published. Required fields are marked (required)