ගිලුණු ඇස් පතුළේ නිදන
ඉතා නොගැඹුරු දිනෙක මතකද
මහා බැමි දෙබෑ කර
ගලන ගඟ තවම නිසසලය
අතුරු සිඳුරක් නැතිව
තුරු වදුල පතුළ,සිපගන්න තැනක
අහම්බෙන්
රතු පාට ඇල ඉරක් මෙන්
දිනෙක නුඹ මතුවිය හැකිය
ඉතිරි වුණු අවසන් තරුවත්
දකුණදිග අහස මත
මහළු වී අළු වෙලා යනවිට
උදෑසනකට නැවුම් සිතිවිල්ලක් අරන්
පරණ බරම ලියලයි
හැමදාම හිත යට
නීල ඇස් ගුලිකර
කඩිනමින් කඳුළු ඇදහැලෙන මුවදොර
වැසූ ඝන අඟුළු ලූ ගල් දොර
ඈත දුර දවසක,මහ රෑක
වහා විවර විය යුතුමය
Leave a Reply
Your email address will not be published. Required fields are marked (required)