දිය සෙවල පෙරාගෙන
හරිම නාකි ගල්පර
තනිකඩ පෙම්වතුන් ලෙස
මුහුද අද්දර ම කරබාගෙන…..
වෙන්ව ගිය අයගැන මිස
එක්වගිය අය ගැන නොකියන
වැටකේ පඳුරකි පරිණත
ලුණු රස කඳුළුය කම්මුල…..
ඔසව ඔසවා දිගු ගෙල
ඕපදූපම සොයන විමසන
උස මහත චණ්ඩ රළ පෙළ
බිඳියි වැළි මාලිගා කැටයම…..
කරට අත දාගෙන එන
කරදිය සුළං හරි දඟ
ඇගෙ අක්බඹරු කෙස් රොද
සැලෙනයුරු සිහි කරන්නෙය මට…..
දුක හිතුනේ ම නැද්ද ඇත්තට
කඩවසම් ගාලු කොටු පවුරට
එදා අන්තිම වාරයට මම
තනිකම අතින් අල්ලන් යනකොට….
(නගුල් තරුව – කාව්‍ය සංග්‍රහය)
Leave a Reply
Your email address will not be published. Required fields are marked (required)