මන්දාකිණිය පොබයන
විශ්වයේ තරු ලකුණ
දැන හැදින බලමින
ගගනත අරා හිනැහෙන.. නුඹ
අද රැයේ මට පෙනෙයි සිහිනෙන..
මිනිස්කම පොබයන
හැගුම් ලු සිත පාරන
සිතුවිලි සහස පිස හිනැහෙන
මපුතු
මේ රැයේ සිහිනෙන් පෙනෙයි මට..
අකාරුණික වූ මනු සිත
නොහදුනන නුඹේ හදවත
සත් සමුදුරු දුරක සිට
හිනැහේ වී නම් යහමින
ඒ සිහිනය ම වේ මගේ ලෝකය..
ධන මසුරු සිත් අග
නොරැදි තෙතමනයක
පහස යදිනා දුගී නුඹ සිත
සුවපත් ව යළි එනු දකින සිහිනය
පෙනෙයි අද රෑයේ මට..
පුත බලන් මේ සද
නුඹ ලගින් හිනැහෙන
සිය දහස් ගවු දුරක සිටිය ද
මටත් පෙනෙනවා මිදුලට
නුඹ වගේමයි ඒ සද
තරු (ප්‍රේමයේ) දුක ම වලදන
ප්‍රේමය නම් අරුමය
උරුම නොවුණට ශාප නොකරන්
මෙයයි මනුසත් දිවි මග
අකාරුණික මැ යි මේ ලොව..
කදුළක් තවත් කුමටද?
අහස තරණය වන් මග
දිවි තවලම රැගෙන යන
සොයන් ඒ මග
මිනිසත්කමේ මහිමය
පෙම් සිතක් නොහැදිනුව..
යළි අපා’තර වැද
ජීවිතේ මිහිර ම පතන
නුඹ දකින තුරු ඉවසුමට
වරෙන් හැම දින ම
සිහිනයක දැවටී පුත..
බලමු නිරතුරුව ම අපි
මම තාත්තා.. අම්මා ද නංගි ද
සදක් වි අප සමග හිනැහෙන
නුඹේ සද මුහුණ දෙස
දුරින් සිට හිනැහෙන..
එනු හනික පුත
ඉවසන්න බැහැ
සාංකාවයි සිත..
අනුරසිරි හෙට්ටිගේ
(2015. 09. 04. දින පුහුණු සැසියකට මැලේසියා රට බලා යාමට පිටත් ව ගිය පුතුගේ සමුගැන් ම සිහි කොට ලියමි..)
Leave a Reply
Your email address will not be published. Required fields are marked (required)